December 11, 2010

Add Effects to Media(like photos,videos)


           මෙසේ සිදුකර ඇත්තේ මා හට ෆේස්බුක් හි ටැග් කර ඇති ෆොටෝ කිහිපයකි. එය දර්ශනය වෙන හැටි අලංකාරයි නේද?, මං අද කියල දෙන්නම් ඒක සිදුකර ගන්නේ කොහොමද කියල. මට නම් ඒක මාර ගති. 
මේකෙන් ෆොටො වගේම වීඩියෝ වුනත් අර විදියට බලාගන්න පුළුවනි. ඔයලත් බලන්නකො කොහොමද කියල ම්..ම්...!
මේක කරගන්න අපට පොඩි addon එකක් ඕනෙ කරනව, browser type එක මොකක් වුනත් කමක් නැහැ. ඒකෙ නම cooliris කියල.. නම වගේම වැඩෙත් කූල්. ඒකට ඕන කරන ගැජට් එක මෙතනින් ගන්නකෝ..
ඉතින් ඒක බා ගත්තට පස්සේ install කරගන්න. එතකොට උඩ address bar එකට යටින් 
මේ වගෙ image එකක් පෙන්නයි ඒත් එක්කම search කරද්දී මේ පහසුකම ක්‍රියාත්මක කර ගන්නට පුලුවන්. image එකේ දැක්වෙන අයිකන් එක Click කල පසු වෙනම පි‍ටුවක් ලෝඩ් වෙලා අර විදියට පෙන්නනවා..! ඔච්චරයි කියන්න තියෙන්නේ..
වැඩ කරල බලන්නකෝ.. කොහොමද.. comment එකක් දාලා යන්න.. :D
[can't view any images in this post click that images..]

November 24, 2010

How to Install Ubuntu 10.10..

Hi, Dude have many common ways to install and run Ubuntu. we can install it as single boot, multiple boot(with other OSs),using virtual PC creating Software like VMWare, using Live CD/DVD or via Wubi Windows Boot Manager.
Now I talk about download ISO file and how can It Install. First you can go your browser address bar, Type http://www.ubuntu.com/getubuntu/download web address. then select your processor type (32 bit or 64 bit). After that click start download, a pop-up window runs and ask in you save or run the file. After downloading your ISO File, can burn using iso burning utility. If you don’t know to burn a Disk via ROM. fallow these, first place correct way to insert a blank Disk, Most ISO burner utility identify your blank disk and load that program. Then you can load the iso image file into a program. After that burn/write a Disk. In few time ago your disk full of the ubuntu and automatically ejecting. So its easy..!.
We can restart the Computer  and boot through CD, before you must assign 1st boot device is CD/DVD. Then It loading files and copied to hard Disk.
[contd..]
ubuntu maverick_logo

October 21, 2010

නොමිලේ ලබාගත හැකි විවෘත මෘදුකාංග..

මෙම නිදහස් මෘදුකාංග කියන වචනය රිචඩ් ස්ටෝල්මන් විසින් 1983 දී ඕනෑම කාර්යක් සඳහා භාවිතා කිරීමට හඳුන්වා දුණි. අධ්‍යපන කටයුතු උදෙසා මෘදුකාංග කේත භාවිතා කිරීමට මෙන්ම නැවත වැඩිදියුණු කිරීමටද අවස්ථාව මෙයින් උදාවිය. මෙහිදී නිදහස් මෘදුකාංග ලෙස සිංහලෙන් හැඳුන් වූවද Free යන ඉංග්‍රීසි වචනයෙන් කියවෙන්නේ නොමිලේ යන අරුතකි. නමුත් එය වැරදි බව වටහා ගත යුතුය. මෙය FOSS යන පොදු නමකින්ද හඳුනා ගත හැකිය. එනම් Free/Libre/Open-Source Software (FOSS) වශයෙනි.
 මා මේ ලිපියෙන් ඉදිරිපත් කරන්නේ විවිධ වැඩ කරගත හැකි  FOSS මෘදුකාංග කීපයක් ගැනයි.
Audacity - මෙය ඕනෑම පද්ධතියක වැඩ කලහැකි එකකි. එමෙන්ම පටිගත කිරීම, ශබ්ද සංස්කරණයටද ප්‍රචලිත වී ඇත.
MP3Split  - මෙය MP3, OGG වැනි ශබ්ද ඛණ්ඩ කොටස් කරගත හැකි භාවිතයට පහසු තාලයේ එකකි.
CDex - සීඩි රිප් කිරීමට ඕඩියෝ සීඩි වල දත්ත ලබා ගැනීමට උචිත එකකි.
Mixxx  - මෙය DJ සංගීත කටයුතු සඳහා භාවිතා කරන මෘදුකාංගයකි. ආධුනික හෝ වුර්තීය අයෙකුට වූවද එකසේ භාවිතා කල හැකිය.
CalmWin -  මෙය වින්ඩෝස් සඳහා වූ නොමිලේ ලබාගත හැකි ප්‍රතිවෛරස් මෘදුකාංගයකි. එසේම  ප්‍රබල වෛරස් මර්ධකයක් වීම නිසා< නිදහස් ලොව තුල ජනප්‍රිය වී ඇත.
Buddi -  මෙය අය වැය කටයුතු ආයතනය තුල සිදු කරගැනීමට උදවු කරන සගයෙකි.
FreeCAD -  මෙය සාමාන්‍ය ත්‍රිමාන කැඩ් නිර්මාන කරගත හැකි සරල ටූල් එකකි.
InfraRecorder -  මෙය cd/dvd ලිවීමට පහසු ග්‍රා‍ෆික අතුරුමුනතක් ඇති ග්නු පොදු සහතික ලත් මෘදුකාංගයකි.
PeaZip -  මෙය ජංගම ලෙස භාවිත කලහැකි හැකුලුම් මෘදුකාංගයකි.එන්ක්‍රිප්ෂන් කටයුතු වලටද යෝග්‍ය මෙය බොහෝ හැකුලුම් ආකෘති වලට සහය දක්වයි.
Xvid,flac,ffshow,ac3Filter මේවා නිතර භාවිතා වන කොඩැක් වේ. k-lite codec mega pack මගින් ඔබට මේව සියල්ල ලබා ගත හැකිය
Free Download Manager -  මෙය වඩා ආරක්ෂාකරි මෙන්ම වේගවත් එකකි. වානිජ්‍ය මෘදුකාංග මෙන් ක්‍රැක් කිරීම් අනවශ්‍යයි. ටෝරන්ට් බා ගැනීමටද පුළුවන.
HTTrack -  ඔබට වෙබ් අඩවි බාගත කර ගැනීමට අවශ්‍ය නම් මෙය ඊට විසඳුම් සපයයි. offline browsing ද කල හැකි වේ.

මේ මෘදුකාංග වලට අමතරව බොහෝ වටිනා මෘදුකාග මෙම වෙබ් අඩවියේ පවතී. එය නමින් වෙබී ය.

September 17, 2010

තමන්ගේ Facebook දත්ත සුරකිමු..

මෙන්න මට එල කිරි addon එකක් හම්බ වුනා ... මේකෙන් කරන්නෙ facebook එකෙ තමන්ගෙ profile එක backup කරන එක. හදිසියේ profile එක කවුරු හරි hack කරොත් මේක restore කරන්න තමයි තියෙන්නෙ.. මේක firefox extensiton එකක්.. ඒ කියන්නෙ firefox පාවිච්චි කරන අයට විතරයි use කරන්න පුළුවන් ...



මෙතනින් ගිහින් ගන්න..



September 10, 2010

XP සමග වින්ඩෝස් 7 ස්ථාපනය කරන ආකාරය..


    මෙය ඉතා පහසුදායක ක්‍රියාවලියකි. ඔබගේ සමහර වැඩසටහන් XP වල පමණක් වැඩ කරයි නම් විසඳුම මෙයයි. එනම් පද්ධති දෙකක් ස්ථාපනය කිරීමයි. එවිට යමකට හානියක් වූ හොත් අනෙකෙන් ලෝඩ් කර ගෙන වැඩකටයුතු කර ගැනීමට පුළුවනි. නමුත් මෙහිදී වින්ඩෝස් 7 වලට අවුල වූවොත් XP ද ක්‍රියා විරහිත වේ. එය එක් අවාසියකි. මා ලද අත්දැකීම් අනුව මෙය කරගන්න අයුරු මා කියල දෙන්නම්. මේ වනවිට මාද එම ක්‍රමයට ගොස් එය හොඳින් භාවිතා කරමින් සිටී.

    මේ සඳහා පරිගණකයේ පාටිෂන් දෙකක් වෙන් හිස් කරගන්න (වටිනා දත්ත ඇත්නම් සුරක්ෂිත කර ගන්න බැකප් කරගන්න සීඩි හෝ ඩීවීඩි වලට). එකක් එක්ස්පී වලටත් අනික 7 වලටත් වශයෙන්. මෙහිදී ‍රැම් එක අවම වශයෙන් 1 GB වලට වඩා තිබිය යුතුය. එසේම 7 වලට ස්පොර්ට් කරන හාඩ්වෙයා ඩ්‍රයිවර්ස් ද පෙර බාගත කර ගන්න. ඒවා බොහෝවිට නොමිලේ ආයතනයේ අඩවියෙන්ම ලබා ගන්නට හැකිය. හාඩ් ඩිස්ක් එක 160 GB වත් වේ නම් යෝග්‍ය වේ. මොකද අනිකුත් දත්ත තබා ගැනීමටද ඉඩක් අවශ්‍ය බැවිනි. මා 40 GB පාටිෂන් 4ක් සාදා ගෙන ඇත්තේ එම නිසාය. ඔබ මුලින්ම ස්තාපනය කළ යුත්තේ XP ස්ථාපනය කර ගැනීමයි. එය හඳුනා ගැනීමට පහසු නමක් යොදන්න. ඔබ ලඟ හොඳින් වැඩ කරන XP CD එකක් තිබිය යුතුය මුලින්ම (එය බිට් 32/x86 විය යුතුය).
1. පරිගණකය රීස්ටාට් කොට del හෝ මුල්ම ස්ක්‍රීන් එකෙන් දැක්වෙන කී එක ඔබා බූට් මෙනු එකට පිවිසෙන්න.
2. අනතුරුව එයින් 1st boot device එකට සීඩි ඩීවීඩි ‍තෝරාගෙන දෙවැන්න සඳහා HDD ‍තෝරා ගන්න. අනතුරුව F10 හෝ ඊට අදාළ කී එක ඔබා save and exit වෙන්න..එවිට නැවත වරක් restart වේ.
3. එතකොට අර XP CD එක දමා ගන්න. boot from CD/DVD ..යන ස්ක්‍රීන් එක ආ පසු එන්ටර් කී එක ඔබා සෙටප් එක වෙත ඇතුලු වන්න.
4. අනතුරුව තිර කීපයක් ගිය විය විට වින්ඩෝස් එක්ස්පී EULA එක පැමිණේ ඒ සඳහා F8 ඔබා accept කොට ඉදිරියට යන්න.
5. ඔබට ක්ලීන් ඉන්ස්ටෝල් එකක් ඕන නිසා ESC කී එක ඔබන්න. එවිට ඔබට අවශ්‍ය පාටිෂන් එක ‍තෝරල එය ෆෝමැට් කිරීමට D බොත්තම ඔබන්න එය සහතික කිරීමට L යතුර ඔබන්න.
6. අනතුරුව එන්ටර් කී එක ඔබා පැමිනෙන ලිස්ට් එකෙන් NTFS ආකාරයට ෆෝමැට් කර ගන්න. එහිදී  quick format තොරා නොගන්න. මන්ද එසේ කිරීමෙන් හාඩ් එකට හානි වීමට හැකි වීමයි.
7. දැන් පරිගණකයට එක්ස්පී ගොනු පිටපත් වීම ඇරෙඹෙන අතර අනතුරුව restart වීමක් සිදු වේ. මින් පසුවද boot from CD/DVD.. වශයෙන් දිස්වෙන පණිවිඩය ගනන් ගන්න එපා ටික වෙලාවකින් XP logo එක දිස්වී නිල්පාට තිරයක් දිස් වේවි.
8. අනතුරුව ඔබගෙන් විවිධ විස්තර ලබා ගැනීම සිදු කරයි.  මුලින්ම එන තිරයෙන් භාෂාව ඉංග්‍රීසි US ලෙස තබා ගන්න.අනතුරුව පරිගණකයට නමක් ආදිය ලබා දෙන්න. අනතුරුව අකුරු 25 කින් යුත්  XP product key එක ලබා දෙන්න.(නැත්නම් ඉදිරියට යාමට නොහැකිය)එය ඔබගේ CD එකෙ ඇති.Next කොට ඉදිරියට ගිය විට ලැබෙන තිරයෙන් නම් යොජනා කොට නැවත Next ඔබන්න. මෙ දැන් වේලා කලාපය හා ජාල විස්තර ලබා දෙන්න තිර කීපයක් පැමිනේ. ඒවාටද තොරතුරු සපයා ඉදිරියට යන්න.
9. ටික වේලාවකින් සෙටප් එක අවසන් වී නැවත restart වේ. දැන් XP ඔබගේ පරිගණකයේ ස්ථාපිත වී ඇත.
10. රෙසලුෂන් සැකසීම ආදීය සිදු වී ඩෙස්ක්ටොප් එකට පැමිණි පසු ඔබ Drivers ස්ථාපනය කොට වෛරස් ගාඩ් එකක් පමණක් යොදා පරිගණකය තබා ගන්න. මොකද තවත් මෙහෙයුම් පද්ධතියක් දැමීමට පවතී.
    දැන් වින්ඩෝස් 7 ස්තාපනය කර ගැනීමට බලමු. ඊට පෙර XP පාටිෂන් එක රීනේම් කොට  ඒ සඳහා XP ලෙස නම ලබාදෙන්න...
දැන් ඔබට 7 DVD එකක් අවශ්‍ය අතර  නැත්නම් අන්තර්ජාලයෙන් බාගත කිරීමටද පුලුවන්. ඒ සඳහා මෙතැන ක්ලික් කර එය ලබා ගන්න. පසුව ISO ඉමේජයක් ලෙස නීරෝ වලින් බර්න් කරගත හැකියි.
1. අපට XP ස්ථාපනය කිරීමට පෙර, සැකසූ සෙටින්ස් පවතින බැවින් පරිගණකය restart කොට 7 DVD එක දමා ගන්න. අනතුරුව එන ස්ක්‍රීන් එකෙන් පෙර අයුරින්ම boot from CD/DVD.. වලදී එන්ටර් ඔබා ඉදිරියට යන්න.
2. දැන් වින්ඩෝස් ෆයිල් පරිගණකයට කොපි වේවී. අනතුරුව 7 ලෝගො එක දිස් වී ටික වේ ලාවක් ගිය පසු language එක හා අනිකුත් විස්තර ‍තෝරා දී ඉදිරියට යන්න. එවිට install Now.. නම් ලින්ක් එකක් පවතින අතර එය ඔබා සෙටප් එක වෙත යන්න.
3. මීළඟට license එකට accept කොට next ඔබා ඉදිරියට යන්න. මීලඟ ස්ක්‍රීන් එකෙන් තමා අපගේ ක්‍රියාවලියේ සාර්ථක් බව ‍රැඳි පවතින්නේ මොකද පෙර අප Xp ස්තාපනය කල නිසා. මෙම තිරයෙන් Custom(Advanced) යන්න ඔබන්න. එවිට ඔබට පාටිෂන් දැක ගන්නට පුළුවන්. මුලින්ම Xp පාටිෂන් එක සොයා ගත යුත් වේ.මෙහි XP ලෙස පාටිෂන් එකේ නම පවතින අතර එසේ නොමැතිනම් ධාරිතාව අනුවද සොයා ගන්නට පුළුවන්. එය සොය ගත්තේ නම්  ඔබ හිස් කරගත් අනික් පාටිෂන් එක ‍තෝරා දෙන්න. Next කරන්න. එවිට ඉන්ස්ටෝල් වීම ඇරඹෙන අතර ඔබට ටික වෙලාවක් බලා සිටීමට සිදු වේ. restart වීම් කිහිපයක් සිදු විය හැකි අතර අය ඔබ ගණන් නොගත යුතුය.
4. අනතුරුව  Registry update වීමක් සිදු වේ. දැන් පරිගණකයට නමක් දෙන්න අර product කී එකත් ලබාදී ඉදිරියට ගිය විට recommend setting යොදා ඉදිරියට යන්න Home Network ‍තෝරා දෙන්න. එච්චරයි..
5. බලන්න දැන් 7 ස්ථාපනය වී ඇති අපූරුව. මෙහි සමහර විට ඔබගේ sound drives ආදිය ලබාගෙන තිබීමටද පුලුවන් නැතන් ඒව යොදා යොදා ගන්න දැන් අපගේ ක්‍රියාවලිය සම්පූර්ණයි.

         අවශ්‍ය පරිදි මෘදුකාංග ස්ථාපනය කිරීමට දැන් හැකියාව ඔබට ලැබේ. මා මේ සඳහා යොදා ගත්තේ වින්ඩෝස් එක්ස්පී ප්‍රෝ සහ 7 අල්ටිමේට් යන OS සංස්කරණයි. අනෙක් සංස්කරණ වල මීට වඩා වෙනස් බවක් තිබිය හැකිය. පහත වීඩීයෝ බලා මේ ගැන වඩා අවබෝධ කරගන්නට පුළුවන්.
How to Install Windows 7 ::::::::::::::::::::::::::::::::: How To Install Windows XP

වැදගත්..: මෙහි සඳහන් ක්‍රියාවලිය සමහර විටෙක ඔබගේ පරිගණකයට නොගැළපීමට පුළුවන්. එසේ වූවහොත් ඇතිවන අපහසුතා සඳහා අප වග කියනු නොලැබේ. තීරණය ඔබ අතේ...! විස්තර කිරීම අපැහිදිලි නම් ඒ ගැන පමනක් කරණු විමසන්න.